Crop guides / Thithbatu

Thithbatu Suitable area, soil, water and planting season

Solanum torvum

Climate requirements/ Areas suitable for cultivation

Soil

Seed requirement

Spacing

Land preparation

Nursery control

Planting

Water supply

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

පහතරට වියළි කලාපයේ හේන් වගාවෙන් පසු කනතු වල ස්වාභාවිකව තිබ්බටු වගා වූ අතර නියගයට ඔරොත්තු දීමේ හැකියාව, පෝෂණීය ගුණය මෙන්ම ක්‍රියාකාරී ආහාරයක් ලෙස දළ තන්තු සහ ප්‍රතිඔක්සිකාරක මෙන්ම වෙළඳපොළේ ඉහළ මිල නිසා වාණිජ වගාවක් ලෙස ප්‍රචලිත වෙමින් පවති. ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2005 වසරේ දී බිංදු ප්‍රභේද සහ වගා තාක්‍ෂණයන් හඳුන්වා දී ඇත.

Solanum torvum

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

පහතරට වියළි සහ අතරමැදි කලාප වඩාත් යෝග්‍යය

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරකට බීජ ග්‍රෑම් 5 ක් ප්‍රමාණවත් වේ. බීජ ප්‍රරෝහණය සදහා සති 2 සිට 3ක් පමණ ගතවේ. බීජ ඉතාම කුඩාවන බැවින් සංචිත ආහාර ඉතා අඩුවීම නිසා ප්‍රරෝහණයෙන් පසු පැළ වල වර්ධන වේගය ඉතා අඩුය. මේ නිසා කුඩා පැළ බඳුන් ගත කර සති 3 කින් පමණ සිටුවීමෙන් වර්ධන වේගය වැඩි කර ගත හැකිය. මේ සඳහා සෙන්ටිමීටර් 15 පළල හා සෙන්ටිමීටර් 15 උස කළු පොලිතීන් බඳුන්වල කොම්පෝස්ට් හෝ ගොම පොහොර හා මතුපිට පස් 1 : 1 අනුපාතය භාවිතා කිරීමට පුළුවන.

බිම් සැකසීම

හොඳින් එළි පෙහෙළි කර ගත් බිමක දිග, පළල හා ගැඹුර සෙන්ටිමීටර් 60 බැගින් වන සේ වළවල් සාදා එය මතුපිට පස් සහ කාබනික පොහොර මිශ්‍රණයකින් පුරවා ගැනීම සුදුසු වේ.

තවාන් පාලනය

පැළ සිටුවීම

පරතරය

පැළ සහ පේළි අතර පරතරය මීටර් 2 x මීටර් 2.5 සුදුසු වේ. පේළි 2ක් අතර මීටර් 1/2 ක ඉඩ ප්‍රමාණය රෝපණ කටයුතු සහ වියළි තත්ත්ව යටතේ ජලය රඳවා ගැනීමට හෝ අධික තෙතමනය සහිත අවස්ථාවලදී ජලය බැසයාමට අවශ්‍ය ව්‍යුහ සකසා ගැනීමට භාවිතා කළ හැකිය.

ජල සම්පාදනය

සාමාන්‍යයෙන් පෙ.ව. 9.00ට පෙර සහ ප.ව. 5.00ට පසු පත්‍ර මැලවුණු ස්වභාවයක් පෙන්වන්නේ නම් පසේ ජලය ප්‍රමාණවත් පරිදි නොපවතින බව තහවුරු වේ. එම අවස්ථාවේදී ජල සම්පාදනය සිදු කළ යුතුය.
වියළි තත්ත්ව යටතේ මල් හැලීම සිදුවන අතර තෙත් සහිත තත්ත්ව යටතේ මල් හට ගැනීම ද අඩුවේ. එබැවින් වියළි අවස්ථාවලදී වැඩි ජලය බැසයාමට කාණු සැකසීමද වැදගත් වේ.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

Solanum torvum

Climate requirements/ Areas suitable for cultivation

Soil

Seed requirement

Spacing

Land preparation

Nursery control

Planting

Water supply

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey