Crop guides / Thithbatu

Thithbatu Pest management

Insect Control

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

පළිබෝධ කළමනාකරණය

කරටි හා ගෙඩි විදින්නා
සුහුඹුලා සලබයෙකි. මොහු හානිය සිදුකරන්නේ කීට අවස්ථාවේදීය. ඔවුන් ගෙඩි හා කරටි ආහාරයට ගැනීමෙන් ඒවා විනාශ වේ.පාලනය
— කරටි කැපීම හා හානි කළ ගෙඩි විනාශ කිරීම
— හානිය පැතිරී යයි නම් 50% මල් පිපෙන අවස්ථාවේදී (බටු වර්ග සඳහා) නිර්දේශිත කෘමිනාශකයක් කරටි හා ගෙඩි විදින්නා සඳහා යෙදීම
— හානිය ඇත්නම් පමණක් කෘමිනාශක යෙදීම හා නිර්දේශිත එකම කෘමිනාශකයක් නිතර නිතර භාවිතා නොකිරීම.
— අස්වනු නෙලූ පසු මේ සඳහා කෘමිනාශක යොදන්නේ නම් පෙර අස්වනු කාලය ගැන සැළකිලිමත් වීම. — හානි කර ඇති කොටස් කඩා විනාශ කළ යුතුය.
පත්‍රකීඩෑවන්
කොළ පැහැති කීඩෑවන් බොහෝවිට පත්‍ර යටි පැත්තේ යුෂ උරාබොයි. සුහුඹුල් සහ කීට අවස්ථා දෙකම යුෂ උරාබීම සිදු කරයි. සුහුඹුලන් මිලිමීටර් 1ක පමණ මහතකින් සහ මිලිමීටර් 3ක පමණ දිගකින් යුක්ත වේ. හානි කළ පසු පත්‍ර දාර දිගේ කහ පැහැති වීම හා ගොටු ගැසීම සිදුවේ.
කීඩෑවන් හානිකර මට්ටමින් සිටිනවිට නිර්දේශිත කෘමිනාශක පත්‍ර යටි පැත්තටද හොඳින් වදින සේ යෙදිය යුතුය.
කාෂ්ටීය කඳ විදින්නා
වගාවට මාස 5 ක් පමණ වන විටදී හානිය ආරම්භ වේ. මේරු කඳේ පාදස්ථ කොටසේ කඳ සිදුරු කර එහි පටක ආහාරයට ගනිමින් ජිවත්වේ. පිලා අවස්ථාව කඳ තුළම ගත කරන අතර හානිය සිදුකරනුයේ කීට අවධියයි. මේ නිසා ගස මුලින්ම කැඩී ඇද වැටීම සිදුවිය හැක. තවද ද්විතීයික ආසාදනවලට ලක් වේ. කීටයින් ඇතිවිට කඳ පාමුල ඔවුන්ගේ මළ ද්‍රව්‍ය ලී කුඩු මෙන් දැක ගත හැකිය.
හානිය අවම කර ගැනීම සඳහා ක්ෂේත්‍රය පිරිසිදුව තබා ගත යුතුය. වගාව ආරම්භ කරන විට ක්ෂේත්‍රයේ හෝ ඉතා ආසන්නයේ ඇති බටු හෝ තිබ්බටු පැරණි වගා අත්නම් ඒවා ඉවත් කළ යුතුය. කෘමිනාශක තවමත් නිර්දේශ කර නොමැත.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

Insect Control

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey