Thithbatu Crop protection and seed health
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Insect Control
Disease Control
1. Bacterial Wilt
Bacterial wilt can be identified as the most serious disease. Plant which infected by the disease should be removed along with the soil. Surface irrigation should be avoided from areas where diseased plants are present. There is no chemical treatment for this disease. If the damage is severe, crop rotation should be done.
2. Root rot
Root/neck/foot rot caused by fungi can also occur and management can be done using optimal moisture and recommended fungicides.
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
පළිබෝධ කළමනාකරණය
කරටි හා ගෙඩි විදින්නා
සුහුඹුලා සලබයෙකි. මොහු හානිය සිදුකරන්නේ කීට අවස්ථාවේදීය. ඔවුන් ගෙඩි හා කරටි ආහාරයට ගැනීමෙන් ඒවා විනාශ වේ.පාලනය
— කරටි කැපීම හා හානි කළ ගෙඩි විනාශ කිරීම
— හානිය පැතිරී යයි නම් 50% මල් පිපෙන අවස්ථාවේදී (බටු වර්ග සඳහා) නිර්දේශිත කෘමිනාශකයක් කරටි හා ගෙඩි විදින්නා සඳහා යෙදීම
— හානිය ඇත්නම් පමණක් කෘමිනාශක යෙදීම හා නිර්දේශිත එකම කෘමිනාශකයක් නිතර නිතර භාවිතා නොකිරීම.
— අස්වනු නෙලූ පසු මේ සඳහා කෘමිනාශක යොදන්නේ නම් පෙර අස්වනු කාලය ගැන සැළකිලිමත් වීම. — හානි කර ඇති කොටස් කඩා විනාශ කළ යුතුය.
පත්‍රකීඩෑවන්
කොළ පැහැති කීඩෑවන් බොහෝවිට පත්‍ර යටි පැත්තේ යුෂ උරාබොයි. සුහුඹුල් සහ කීට අවස්ථා දෙකම යුෂ උරාබීම සිදු කරයි. සුහුඹුලන් මිලිමීටර් 1ක පමණ මහතකින් සහ මිලිමීටර් 3ක පමණ දිගකින් යුක්ත වේ. හානි කළ පසු පත්‍ර දාර දිගේ කහ පැහැති වීම හා ගොටු ගැසීම සිදුවේ.
කීඩෑවන් හානිකර මට්ටමින් සිටිනවිට නිර්දේශිත කෘමිනාශක පත්‍ර යටි පැත්තටද හොඳින් වදින සේ යෙදිය යුතුය.
කාෂ්ටීය කඳ විදින්නා
වගාවට මාස 5 ක් පමණ වන විටදී හානිය ආරම්භ වේ. මේරු කඳේ පාදස්ථ කොටසේ කඳ සිදුරු කර එහි පටක ආහාරයට ගනිමින් ජිවත්වේ. පිලා අවස්ථාව කඳ තුළම ගත කරන අතර හානිය සිදුකරනුයේ කීට අවධියයි. මේ නිසා ගස මුලින්ම කැඩී ඇද වැටීම සිදුවිය හැක. තවද ද්විතීයික ආසාදනවලට ලක් වේ. කීටයින් ඇතිවිට කඳ පාමුල ඔවුන්ගේ මළ ද්‍රව්‍ය ලී කුඩු මෙන් දැක ගත හැකිය.
හානිය අවම කර ගැනීම සඳහා ක්ෂේත්‍රය පිරිසිදුව තබා ගත යුතුය. වගාව ආරම්භ කරන විට ක්ෂේත්‍රයේ හෝ ඉතා ආසන්නයේ ඇති බටු හෝ තිබ්බටු පැරණි වගා අත්නම් ඒවා ඉවත් කළ යුතුය. කෘමිනාශක තවමත් නිර්දේශ කර නොමැත.
රෝග කළමනාකරණය
1. බැක්ටීරියානු හිටුමැරීම
බරපතලම රෝගය ලෙස බැක්ටීරියානු හිටුමැරීම හඳුනාගත හැකිය. ක්ෂේත්‍රයේ ප්‍රශස්ත ලෙස ජලය තිබියදී එකවරම වැල මැලවී යයි. රෝගයට ගොදුරු වූ ශාක පස් සමඟ ගලවා ඉවත් කළ යුතුය. රෝගී ශාක තිබෙන ස්ථාන අතරින් මතුපිට ජල සම්පාදනය කිරීමෙන් වැළැකිය යුතුය. මෙම රෝගය සඳහා රසායනික ප්‍රතිකාර නොමැත. හානිය දරුණු නම් බෝග මාරුවක් සිදුකළ යුතුය.
2. පාදස්ත කුණුවීම
දිලීර නිසා ඇතිවන මුල්/ගෙල/පාදස්ථ කුණුවීමද ඇතිවිය හැකි අතර මෙම රෝගී තත්ත්වය කලමනාකරණය කිරීම සඳහා ප්‍රශස්ත තෙතමනය සහ නිර්දේශිත දිලීර නාශක යොදා ගත හැකිය. (තිරාම්, කැප්ටාන්, හෝමායි)
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
Insect Control
நோய் முகாமைத்துவம்
1. பற்றீரிய வாடல்
பற்றீரிய வாடலானது ஒரு தீவிர நோய் நிலமையாகும். இந் நோயால் பாதிப்புற்ற தாவரம் சூழவுள்ள மண்ணுடன் அகற்றப்பட வேண்டும். நோயால் பாதிப்புற்ற தாவரங்கள் உள்ள வயலில் மேற்பரப்பு பாசனத்தை தவிர்க்க வேண்டும். இந்நோய்க்கு எவ்வித இரசயான சிகிச்சையும் இல்லை. நோய் தீவிரமடைந்தால் பயிர் சுழற்சி செய்ய வேண்டும்.
2. வேரழுகல்
பங்கசினாலும் வேர் / கழுத்து / தண்டழுகல் ஏற்படலாம் மற்றும் போதிய ஈரப்பதல், பரிந்துரைக்கப்பட்ட பங்கசுநாசினிகளால் முகாமை செய்யலாம்
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.