Crop guides / Kathurumurunga

Kathurumurunga Seed production

Planting Materials

By Seeds and stem cuttings
By seeds:
Seeds should be obtained from freshly ripened pods that have turned yellow. Nurseries are prepared in large soil blocks, polythene bags, paper bags and other containers can be used to produce seedlings from seeds. Several seeds are sown in these containers, allow to emerge and one healthy seedling is allow to grow removing rest of the seedlings. About 15-20cm healthy seedlings are suitable for field planting.
Layering- Remove a 1cm wide bark from branches that having pencil thickness and moistened coir dust is kept around that place and using a transparent polythene it is tied (layering). After about 3-4 weeks when the roots are growing, the branch is separated from the plant and it is suitable for field planting as a new plant.
Stem cutting :
Stem cuttings can be rooted and field planting in "Haritha " variety.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

රෝපණ ද්‍රව්‍ය

බීජ මඟින් හා දඬු කැබළි මගින්:
බීජ මඟින්:
බීජ ලබා ගත යුත්තේ මෝරා කහ ගැසී වියලුණු අළුත්ම කරල් වලින්ය. බීජ වලින් පැළ නිපදවා ගැනීම සඳහා ලොකුවට කපා ගත් කුට්ටි සහිත කුට්ටි තවාන්, පොලිතීන් බෑග්, කඩදාසි බෑග් හා වෙනත් බඳුන් යොදා ගත හැකිය. වැඩිපුර බීජ යොදා පැළවූ පසු එකක් ඉතුරු කොට වැඩි පැළ ගලවා දැමිය යුතුය. සෙ.මී. 15 – 20 පමණ උස්වූ පැළ ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා යෝග්‍ය වේ.
පැන්සලක ප්‍රමාණයේ අළුත් අතුවල පොතු වලයක් ඉවත් කොට ඒ වටා තෙත් කළ කොහුබත් තබා බැඳ ලේයර් කිරීමෙන් (අතු බැදීමෙන්) ද සති 3-4 ක දී පමණ එය ගසින් වෙන් කොට බඳුන් ගතකොට තබා රෝපණය සඳහා සකස් කර ගත හැකි වේ.
දඬු මඟින් – අඩුවෙන් මල් හට ගන්නා හරිත වර්ගය දඬු මඟින් ප්‍රචාරණය සඳහා සුදුසුය.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

Download Farmey