Crop guides / Kathurumurunga

Kathurumurunga Further information

Available Types

There are three types: white flowers, red flowers and rarely flowering type. Rarely flowering type is called 'Haritha". The inflorescence and the leaves are edible. The white-flowered variety is more popular.

Weed Control

Weeds should be controlled and keep the crop clean.

Pruning

As it is a perennial crop, it can be grown up to about 6 m height, if it is not pruned and maintained well. Therefore it is difficult to pick flowers and leaves from tall trees. Pruning and watering reduce the flowering and increase the amount of leaves.
When the plant grows to a height about 1 m, remove the apical bud and allow the lateral branches to grow. Remove the remaining branches leaving healthy, spreading 3-4 branches. When these lateral branches are at about 1 – 1 1/2 m height, the tops should be pruned again. Shoots emerging from those places can be cut before flowering and used as leaf harvest. Over time, this pruning site will form a knot. Some pruned plants are cut to a height of about 1 1/2 m and managed so that they can be easily harvested. It is advisable to apply organic manure after each harvest. Adding a little urea will induce new flushes. It is not advisable to remove all the branches at the time of pruning and harvesting.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

පවතින වර්ග

සුදු මල් සහිත, රතු මල් සහිත හා ඉතා අඩුවෙන් මල් හට ගන්නා යනුවෙන් වර්ග 3ක් තිබේ. කලාතුරකින් මල් හටගන්නා වර්ගය “හරිත” ලෙස නම්කර තිබේ. බහුලව මල් හට ගන්නා දෙවර්ගයේම කොළ සහ මල් ආහාරයට ගත හැකිය. සුදු මල් සහිත වර්ගය වඩාත් ජනප්‍රියය.

වල් පැළ පාලනය

බෝගය පිරිසිදුව පවත්වා ගැනීමට පහසු ලෙස වල් මර්දනය කළ යුතුය.

කප්පාදු කිරීම

බහු වාර්ෂික බෝගයක් බැවින් කප්පාදු නොකළහොත් ශාකය මීටර් 6 ඉක්මවා වැඩේ. එවිට උස ගස් වලින් මල් හා කොළ නෙළා ගැනීම අපහසුය. කප්පාදු කොට ජල සම්පාදනය කිරීමෙන් මල් හට ගැනීම අඩුවේ. වැඩිපුර කොළ හටගනී.
ගස මීටර් 1 පමණ උසට වැඩුණු පසු අග්‍රස්ථ අංකුරය කඩා දමා පාර්ශවික අතු වැඩීමට සලස්වා වර්ධනය වු අතු විවිධ දිශාවන්ට පැතිරෙන සේ අතු 3-4 ක් ඉතුරු කොට සෙසු අතු ඉවත් කරන්න. මෙම පාර්ශවික අතු මීටර් 1 – 1 1/2 ක් පමණ උස් වූ පසු නැවත මුදුන් කප්පාදු කළ යුතුවේ. එම ස්ථානවලින් මතුවන රිකිළි මල් හට ගැනීමට පෙර කපා කොළ අස්වැන්න ලෙස ප්‍රයෝජනයට ගත හැකිවේ. කල් යෑමේදී මෙම කප්පාදු කළ ස්ථානය ගැටයක් මෙන් සකස් වේ. සමහරු කතුරු මුරුංගා ගස් මීටර් 1 1/2 ක් පමණ උස් වන සේ කප්පාදු කොට පහසුවෙන් අස්වනු නෙළාගත හැකි වන පරිදි සකස් කර ගනී. අස්වැන්න නෙළීමෙන් පසු ඓන්ද්‍රීය පොහොර යෙදීම සුදුසුය. යූරියා ස්වල්පයක් මිශ්‍ර කිරීමෙන් නැවත දළු ලෑම කඩිනම් වේ. කප්පාදු කිරීමේදී හා අස්වැන්න නෙළීමේ දී තිබෙන සියළුම අතු රිකිළි (කොළ සහිත) ඉවත් කිරීම සුදුසු නැත.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

காணப்படும் வகைகள்

மூன்று வகைகள் உள்ளன. வெள்ளை பூக்கள், சிவப்பு பூக்கள், மற்றும் அரிதாக பூக்கும் வகை. அரிதாக பூக்கும் வகையானது. 'ஹரித' என அழைக்கப்படும். பூந்துணர் மற்றும் இலைகள் உண்ணக்கூடியவை. வெள்ளை பூ வகையானது மிகவும் பிரசித்தி பெற்றது.

களைக் கட்டுப்பாடு

களைகள் கட்டுப்பாடு செய்வதோடு பயிரை தூய்மையாக பேணல்

கத்தரித்தல்

இது ஒரு பல்லாண்டு தாவரமானகையால், இதனை கத்தரிப்பு செய்யாவிடின் அல்லது முறையாக பராமரிக்காவிடின் 6 மீற்றர் உயரத்திற்கு மேல் வளர முடியும், ஆகையால் பூ பறித்தல் மற்றும் இலைகளை உயரமான மரங்களில் இருந்து பெறுவது கடினம். கத்தரித்தல் மற்றும் நீர் வழங்கல் பூத்தலை குறைக்கும் மற்றும் இலை எண்ணிக்கையை அதிகரிக்கும்.

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey