Ela Batu Pest management
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Pest Management
Major pests that affect elabatu crop are Shoot and Fruit Borer (SFB), Mites, and Hoppers.
Damages can be control by using recommended insecticides
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
පළිබෝධ කළමනාකරණය
ගෙඩි හා කරටි විදින්නා
leucinodes orbonalis
මෙම සලබයා රාත්‍රී කාලයේ බටු කරටි හෝ ගෙඩියේ නටුව හෝ ගෙඩි මත බිත්ත්ර දමයි. එයින් ඇතිවන ඉතා කුඩා දළඹුවන් කරටි හෝ ගෙඩිය සිදුරු කර ඇතුළු වී ඇතුළත පටක කා දමයි. එයින් කරටි කුණුවෙන අතර ගෙඩියේ මදය විනාශ වෙයි. දිගින් දිගටම එකම ප්‍රෙද්ශයක බටු වගා කිරීම හානිය සහිත කොටසක් ක්ෂේත්‍රෙය් හෝ අවට පිවතීම නිසා මෙම හානිය තවදුරටත් වැඩිවිය හැකිය.
හානිය සහිත කරටි හා ගෙඩි කඩා මෙම දළඹුවා විනාශ වන ලෙස කටයුතු කරන්න. වගාව මීටර් 2 ක් පමණ උසට ආවරණය කර සලඹයා පැමිණීමට බාධා කරන්න. අත්‍යවශ්‍ය නම් පමණක් පමණක් ගෙඩි හා එම නටු වලට පමණක් මේ සදහා නිර්දේශිත කෘමි නාශක ඉසින්න. කෘමිනාශක ඉසින්නේ නම් ඒවායේ පසු අස්වනු කාලය ගතවූ පසුව පමණක් අස්වනු නෙලිය යුතුය.
පත්‍ර කීඩෑවා
Amrasca spp
පත්රයටි පැත්තේ සිට විද යුෂ උරා බොයි. හානිවූ පතු දාර කහ පැහැ වී වියලී යාම දැකිය හැක. මේ නිසා අස්වැන්න අඩුවේ. වියළි කාලයට මෙම හානිය වැඩි වන අතර හැන්දෑ කාලයට ජලය ඉසීමෙන් මෙය අඩුකර ගත හැක. පැරණි බෝග ශේෂ එම වගාවන් අවසන් වනවාත් සමගම විනාශ කිරීම වරින් වර වගා ආරම්භ කිරීමෙන් වැළකීම. ස්වාභාවික සතුරන් ආරක්ෂා කරගැනීම සහ පාංශු පෝෂණය නිර්දේශිත පරිදි පවත්වා ගැනීමට මෙම හානිය අඩු වීමට හේතුවේ.
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
பீடை முகாமைத்துவம்
வட்டுக்கத்தரியை பாதிக்கும் முக்கிய பீடைகளாவன தளிர் மற்றும் பழ துளைப்பான் (SFB), சிற்றுண்ணி மற்றும் த்த்திகள்
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.