Winged Bean Suitable area, soil, water and planting season
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Belongs to family fabaceae. This crop can be grown in areas up to 2000m from mean sea level. Even though local selections of winged bean produced fruit in Maha due to photo sensitivity, new varieties have been developed to give yield throughout the year
Psophocarpus tetragonolobus
Released Varieties
Variety details >>
- SLS 44
- Krishna
Climatic requirements/ Areas suitable for cultivation
Temperature range from 18 – 32 oC is suitable for better performance.
Can be grown in any area up to 2000m from mean sea level.
Soil
Well-draining sandy loam or clay loam soil with organic matter is ideal. But can be grown in sandy soils as well as clay soils
Seed requirement
21-23 kg /ha
Nursery Management
Direct seeding
Plant seeds at the onset of rainy season or can do planting if there is enough irrigation facility.
Land preparation
Harrow the soil deeply and break soil. If water retains in soil, prepare high beds or ridges to plants seeds. Mark pits according to given recommendations.
Planting
Soak seeds in water for about 24 hours before planting for better germination. Better if can apply a fungicide like "Captan" as a seed treatment. Plant 3-4 seeds per pit.
After 2 weeks of seedling emergence, keep 2 healthy plants and remove the rest
Spacing
75 cm x 60 cm between rows and plants respectively.
Water supply
Irrigate crops once a week in dry weather. In sandy soils irrigate the crops less frequency
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
මෙම බෝගය අයත් වන්නේ ෆැබේසියේ කුලයටය. මුහුදු මට්ටමේ සිට මීටර් 2000 පමණ උස් වූ ප්‍රදේශ දක්වා වගාකළ හැකි භෝගයකි. පාරම්පරිකව වගාකරන ලද දඹල ප්‍රභේදවලින් අස්වනු ලබාගත හැකිවූයේ මහ කන්නයේදී පමණකි. එයට හේතුව එම ප්රභේදවල මල් පිපීම සඳහා කෙටි දිවා කාල තිබිය යුතුවූ නිසාය. නමුත් වර්තමානයේදී වසර පුරාම වගාකර අස්වනු ලබාගත හැකි නව ප්‍රභේද බිහිකර තිබේ.
Psophocarpus tetragonolobus
නිකුත් කරන ලද ප්‍රභේද
ප්‍රභේද පිලිබඳ >>
- SLS 44
- ක්රිෂ්ණ
දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ
වගාව සදහා 18 – 32 0C දක්වා උෂ්ණත්වය සුදුසු වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 2000 පමණ උස් වූ ප්‍රදේශ දක්වා වගාකළ හැකි භෝගයකි.
පස
හොඳින් ජලය බැසයන, කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු වැලි ලෝම් සහ මැටි ලෝම් පස් වගාව සඳහා වඩා සුදුසුය. නමුත් වැලි සහිත පස්වල මෙන්ම මැටි අධික පස් වලද වගා කළ හැකි භෝගයකි.
බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 21 – 23 කි.
තවාන් කළමනාකරණය
සෘජු රෝපණය බැවින් තවාන් පාලනය අවශ්‍ය නොවේ. වැසි සමයේ ආරම්භයේ දී බීජ රෝපණය කරන්න. මනා ජාල සම්පාදනයක් කල හැකි නම් ඕනෑම කාලයක බීජ සිටුවීම කල හැක.
බිම් සැකසීම
ගැඹුරට බිම පෙරළා පොඩිකර ගන්න. ඉඩමෙහි ජලය රඳා සිටීමේ අවදානමක් පවතීනම් උස් පාත්ති හෝ වැටි හා කාණු ආකාරයට ඉඩම සකස්කර ගන්න.
පැළ සිටුවීම
බීජ පැය 24 ක් පමණ වතුරේ පොඟවා ගැනීමෙන් පැළවීමේ ප්‍රතිශතය වැඩිකරගත හැකිය. වළකට බීජ 3-4 ක් සිටුවන්න. බීජ සිටුවීමට පෙර බීජ ප්‍රතිකාරකයක් ලෙස "කැප්ටාන්" වැනි දිලිර නාශකයක් යෙදීම වැදගත් වේ.
බීජ පැළ වී සති 2 කට පසු නිරෝගී ශාක 2 තබා ඉතිරි කොටස ඉවත් කරන්න
ආධාරක සිටුවීම
වලවල් අසලින් සිටුවාගත් අඩි 7 ක් පමණ උස ආධාරක කණු වෙත වැල් පුහුණු කරන්න.
පරතරය
පේලි අතර සෙන්ටිමීටර් 75 සහ පැළ අතර සෙන්ටිමීටර් 60 කි.
ජල සම්පාදනය
වියළි කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථාවල දී සතියකට වරක් පමණ බැගින් වගාවට ජලය සපයන්න. වැලි අධික පස් සහිත ඉඩම්වල වගාකර ඇතිවිට මෙයට වඩා අඩු කාල පරතරයකින් ජලය ලබා දීමට සිදුවනු ඇත.
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
இது பெபேசிய குடும்பத்தை சார்ந்தது. இந்த பயிரை கடல் மட்டத்தில் இருந்து 2000 மீற்றக்கு மேல் உள்ள பிரதேசங்களில் வளர்க்கலாம். அத்துடன் சுதேச தெரிவு சிறகவரை பெரும் போகத்தில் ஒளி உணர்த்திறனால் காய் உற்பத்தி செய்யும். புதிய வர்க்கங்கள் வருடம் முழுவதும் விளைச்சல் தருவதற்காக விருத்தி செய்யப்பட்டுள்ளன.
Psophocarpus tetragonolobus
வெளியிடப்பட்டுள்ள வர்க்கங்கள்
வர்க்கங்களின் தகவல்கள் >>
- SLS 44
- கிருஷ்னா
காலநிலை தேவை/ செய்கைக்கு பொருத்தமான பிரதேசங்கள்
சிறந்த செயல்திறனுக்கு 18-320C வெப்பநிலை
கடல் மட்டத்தில் இருந்து 2000 மீற்றக்கு மேல் உள்ள எந்த இடத்திலும் வளர்க்கலாம்.
மண்
நல்ல நீர் வடிந்தோடக்கூடிய சேதன பொருளுடனான மணல் இருவாட்டி அல்லது களி இருவாட்டு மண் சிறந்தது. ஆனால் களி மண்ணை விட மணல் மண்ணில் சிறப்பாக வளரும்
விதைத் தேவை
21-23 kg /ha
நாற்றுமேடை முகாமைத்துவம்
நேரடி விதைப்பு
மழை கால தொடக்கத்துடன் விதையிடலாம் அல்லது நீர் பாசன வசதி இருக்கும் பட்சத்தில் நடுகை செய்யலாம்.
நிலத்தை தயார் செய்தல்
மண்ணை ஆழமாக உழுது மண்ணை உடைக்கவும். நீர் மண்ணில் தேங்குமானால். உயர் பாத்தி அல்லது வரம்புகளை தயார் செய்து விதையிடலாம். வழங்கப்பட்ட பரிந்துரைகளுக்கு அமைய குழிகளை குறிக்க வேண்டும்.
நடுகை செய்தல்
சிறந்த முளைதிறனுக்கு நடுகை செய்ய 24 மணிநேரத்திற்கு முன்னர் விதைகளை நீரில் ஊறவிட வேண்டும். ”கெப்டன்” போன்ற பங்கசு நாசினிகளை இட்டு வித்து சிகிச்சை வழங்குவது சிறந்தது. ஒரு குழிக்கு 3-4 விதையிட வேண்டும்.
நாற்று முளைத்து 2 வாரங்களின் பின், 2 ஆரோக்கியமான தாவரத்தை விட்டு ஏனையவற்றை அகற்றுதல்
நடுகை இடைவெளி
வரிகள் மற்றும் தாவரங்களுக்கு இடையே முறையே 75cm x 60cm
நீர் வழங்கல்
உலர் கால நிலையில் கிழமைக்கு ஒரு தடவை பயிருக்கு நீர் வழங்கல். மணல் மண்ணுக்கு குறைந்த வீதத்தில் நீர் வழங்கல்.
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.