Winged Bean Fertiliser and water / nursery and planting
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Nursery Management
Direct seeding
Plant seeds at the onset of rainy season or can do planting if there is enough irrigation facility.
Planting
Soak seeds in water for about 24 hours before planting for better germination. Better if can apply a fungicide like "Captan" as a seed treatment. Plant 3-4 seeds per pit.
After 2 weeks of seedling emergence, keep 2 healthy plants and remove the rest
Fertilizer
Add 10t/ha of well decomposed organic matter. Additionally apply chemical fertilizer as recommended. Apply basal fertilizer 2-3 days before planting
| Time of application | Urea kg/ha | TSP kg/ha | MOP kg/ha |
|---|---|---|---|
| Basal (02 days before planting) | 45 | 215 | 65 |
| Top Dressing One (4weeks after planting) | 20 | – | – |
| Top Dressing One (10 weeks after planting) | 20 | – | – |
Water supply
Irrigate crops once a week in dry weather. In sandy soils irrigate the crops less frequency
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
තවාන් කළමනාකරණය
සෘජු රෝපණය බැවින් තවාන් පාලනය අවශ්‍ය නොවේ. වැසි සමයේ ආරම්භයේ දී බීජ රෝපණය කරන්න. මනා ජාල සම්පාදනයක් කල හැකි නම් ඕනෑම කාලයක බීජ සිටුවීම කල හැක.
පැළ සිටුවීම
බීජ පැය 24 ක් පමණ වතුරේ පොඟවා ගැනීමෙන් පැළවීමේ ප්‍රතිශතය වැඩිකරගත හැකිය. වළකට බීජ 3-4 ක් සිටුවන්න. බීජ සිටුවීමට පෙර බීජ ප්‍රතිකාරකයක් ලෙස "කැප්ටාන්" වැනි දිලිර නාශකයක් යෙදීම වැදගත් වේ.
බීජ පැළ වී සති 2 කට පසු නිරෝගී ශාක 2 තබා ඉතිරි කොටස ඉවත් කරන්න
ආධාරක සිටුවීම
වලවල් අසලින් සිටුවාගත් අඩි 7 ක් පමණ උස ආධාරක කණු වෙත වැල් පුහුණු කරන්න.
පොහොර
හොඳින් දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය හෙක්ටයාරයකට ටොන් 10 ක් එකතු කරන්න. නිර්දේශිත පරිදි රසායනික පොහොර යොදන්න. සිටුවීමට දින 2-3 කට පෙර මුලික පොහොර යොදන්න
| යෙදිය යුතු කාලය | යුරියාකි.ග්‍රෑම්./ හෙක් | ත්‍රිත්ව සුපර් පොස්පේට්කි.ග්‍රෑම්./ හෙක් | මියුරියේට් ඔෆ් පොටෑෂ්කි.ග්‍රෑම්./ හෙක් |
|---|---|---|---|
| මුලික පොහොර (සිටුවීමට දින 02 කට පෙර) | 45 | 215 | 65 |
| මතුපිට පොහොර (පැළ මතු වී සති 04 කට පසු) | 20 | – | – |
| මතුපිට පොහොර (පැළ මතු වී සති 10 කට පසු) | 20 | – | – |
ජල සම්පාදනය
වියළි කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථාවල දී සතියකට වරක් පමණ බැගින් වගාවට ජලය සපයන්න. වැලි අධික පස් සහිත ඉඩම්වල වගාකර ඇතිවිට මෙයට වඩා අඩු කාල පරතරයකින් ජලය ලබා දීමට සිදුවනු ඇත.
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
நாற்றுமேடை முகாமைத்துவம்
நேரடி விதைப்பு
மழை கால தொடக்கத்துடன் விதையிடலாம் அல்லது நீர் பாசன வசதி இருக்கும் பட்சத்தில் நடுகை செய்யலாம்.
நடுகை செய்தல்
சிறந்த முளைதிறனுக்கு நடுகை செய்ய 24 மணிநேரத்திற்கு முன்னர் விதைகளை நீரில் ஊறவிட வேண்டும். ”கெப்டன்” போன்ற பங்கசு நாசினிகளை இட்டு வித்து சிகிச்சை வழங்குவது சிறந்தது. ஒரு குழிக்கு 3-4 விதையிட வேண்டும்.
நாற்று முளைத்து 2 வாரங்களின் பின், 2 ஆரோக்கியமான தாவரத்தை விட்டு ஏனையவற்றை அகற்றுதல்
பசளையிடல்
10t/ha நல்ல உக்கிய சேதன பொருட்களை சேர்த்தல். பரிந்துரைக்கப்பட்ட இரசாயன பசளையை மேலதிகமாக சேர்த்தல். நடுகை செய்ய 2-3 நாட்களுக்கு முன்னர் அடிக்கட்டு பசளை இடல்.
| பசளை இட வேண்டிய காலம் | யூரியா kg/ha | முச்சுபர் பொசுபேற்று kg/ha | மியுரைட்டு பொட்டாசு kg/ha |
|---|---|---|---|
| அடிக்கட்டு பசளை (நடுகை செய்ய 2 நாட்களுக்கு முன்) | 45 | 215 | 65 |
| 1ம் மேற்கட்டு பசளை (நடுகை செய்து 4 நாட்களின் பின்) | 20 | – | – |
| 1ம் மேற்கட்டு பசளை (நடுகை செய்து 10 நாட்களின் பின்) | 20 | – | – |
நீர் வழங்கல்
உலர் கால நிலையில் கிழமைக்கு ஒரு தடவை பயிருக்கு நீர் வழங்கல். மணல் மண்ணுக்கு குறைந்த வீதத்தில் நீர் வழங்கல்.
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.