Lettuce Suitable area, soil, water and planting season
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Lettuce is an annual plant of the family Asteraceae. It is most often grown as a leaf vegetable, and used for salads. It is also seen in other kinds of food, such as soups, sandwiches and wraps; it can also be grilled.
Lactuca sativa L.
Climatic requirements/ Areas suitable for cultivation
Can be grown throughout the year in Upcountry Wet and Upcountry Intermediate Zones as it requires cool climate. The optimum temperature for growth should be less than 20°C. In hot climates, lettuce has a bitter taste, early flowering, and the internodal length will be high and the plant grows taller.
Soil
A well-drained sandy loam soil with a loose structure and rich in organic matter is essential for good growth.
Seed requirement
Spacing
Land preparation
Plough the soil to a depth of about 30 cm and compact the soil finely. Then make raised beds about 1 m wide and a manageable length.
Nursery control
Prepare the soil to a fine texture and apply organic manure to the nursery beds. Apply the seeds in rows at 10 cm spacing. Seedlings can be planted in permanent ground about three weeks after germination.
Transplanting
Transplant in raised beds at a spacing of 30 cm between rows and 15 cm between plants. Since lettuce is often grown as a mixed crop with carrots and leeks, there it can be planted at a spacing of 20 cm between plants.
Irrigation/ Water supply
Good water supply is required for good growth and quality harvest. Therefore, water daily, in the first few days after planting. At about two weeks of age, water every four days according to rainfall.
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
සලාද ඇස්ටරේසියේ කුළයට අයත් වාර්ෂික ශාකයකි. එය බොහෝ විට කොළ එළවළු ලෙස වගා කරන අතර සලාද සඳහා භාවිතා වේ. එය සුප්, සැන්ඩ්විච් සහ දවටන වැනි වෙනත් ආහාර වර්ගවලට ද භාවිත කරණු දක්නට ලැබේ; එය ද grill කිරීමද කළ හැක.
Lactuca sativa L.
දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ
සිසිල් දේශගුණික තත්ත්වයන් යටතේ වර්ධනය වන බැවින් උඩරට තෙත් හා උඩරට අතරමැද කලාපවල වසර පුරාම වගාකළ හැක. වර්ධනය සඳහා ප්‍රශස්ථ උෂ්ණත්වය 20°C වඩා අඩු විය යුතුය. උණුසුම් දේශගුණික තත්ත්ව වලදි සලාද වල තිත්ත රස ඇතිවීම, ඉක්මනින් මල් හට ගැනීම සහ පර්ව අතර පරතරය වැඩිවී සලාද ගස උස යාම සිදුවේ.
පස
ලිහිල් පාංශු ව්‍යුහයක් ඇති කාබනික ද්‍රව්‍ය බහුල ජලය හොඳින් බැස යන වැලි ලෝම පසක් මනා වර්ධනය සදහා අවශ්‍යවේ.
බිම් සැකසීම
සෙන්ටිමීටර් 30 ක් පමණ ගැඹුරට පස පෙරලා කැට පොඩිකර සියුම්ව පස සකසා ගන්න. පසුව මීටර් 1ක් පමණ පළල, පාලනයට පහසු දිගකින් යුතු උස් පාත්ති සකසා ගන්න.
තවාන් පාලනය
සියුම් වයනයක් ඇතිවන ලෙස පස සකසා කාබනික පොහොර යෙදු තවාන් පාත්තිවල සෙ.මී. 10 පරතරය ඇතිව පේළි ආකාරයට බීජ යොදන්න. බීජ ප්‍රරෝහණය වී සති තුනකදී පමණ ස්ථිර බිමෙහි සිටුවිය හැක.
පැළ සිටුවීම
උස් පාත්ති සකසා පේළි අතර සෙන්ටිමීටර් 30 සහ පැළ අතර සෙන්ටිමීටර් 15 පරතරයක් ඇතිව සිටුවිය යුතුය. බොහෝවිට කැරට් සහ ලීක්ස් සමඟ මිශ්‍ර බෝගයක් ලෙස සලාද වගාකරන බැවින් එවිට පැළ අතර සෙන්ටිමීටර් 20 ක පරතරයකට සිටුවයි.
ක්‍ෂේත්‍රයේ සිටුවීමට විශේෂිත වූ කාලයක් නොමැති වුවත් මනා වර්ධනයක් හා හොඳ අස්වැන්නක් සඳහා ජනවාරි-අප්‍රේල් අතර කාලය සුදුසුය. විවෘත ක්ෂේත්‍රයේ වගාකරන්නේ නම් ජනවාරි හා පෙබරවාරි මාසයේදී ඇතිවන මල් තුහින මඟින් ඇතිවිය හැකි හානි වළක්වා ගැනීමට ආවරණ යෙදීම අවශ්‍ය වේ.
ජල සම්පාදනය
සලාද වර්ධනයට හා අස්වැන්නේ ගුණාත්මයට හොඳ ජල සැපයුමක් අවශ්‍ය වේ. එබැවින් පැළ සිටුවා මුල් දින කිහිපය තුළ දිනපතා ජල සම්පාදනය කළ යුතුය. සති දෙකක් පමණ වයස වූ විට දින හතරකට වරක් වර්ෂාපතනය අනුව ජලය සපයන්න.
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
சலாது எஸ்டரேசியே குடும்பத்தை சார்ந்த ஒரு ஆண்டு பயிராகும் இது பொதுவாக இலை மரக்கறியாக சாலட்க்கு பயன்படுத்தப்படும் மேலும் இதை ஏனைய உணவுகளிலும் காணலாம் உதாரணமாக சூப், சான்விச் மேலும் உணவு சுற்றுகைகள், இதை வறுக்கவும் முடியும்
Lactuca sativa L.
காலநிலை தேவைகள் / செய்கைக்கு பொருத்தமான பிரதேசங்கள்
குளிரான காலநிலையில் வருடம் முழுவதும் மலைநாட்டு ஈரவலயம் மற்றும் மலை நாட்டு இடை வலயங்களில் வளர்க்கலாம் பொருத்தமான, வளர்ச்சிக்கு தேவையான வெப்பநிலை 200C க்கு குறைவாகும் சூடான காலநிலையில் சலாது கசப்பு சுவையாகவும் முந்திய பூத்தல் மற்றும் இடை காம்பின் நீளம் அதிகரித்து தாவரம் உயரமாக வளரும்
மண்
நல்ல நீர் வடிந்தோடக்கூடிய மணல் இருவாட்டியுடனான தளர்வான இழையமைப்பு மற்றும் அதிக சேதன பொருட்களின் இருப்பு நல்ல வளர்ச்சிக்கு தேவை
Seed requirement
Spacing
நிலப் பண்படுத்தல்
மண்ணை 30 செ.மீ ஆழத்திற்கு உழுது மண்ணை நன்றாக கட்டுதல் வேண்டும். பின் 1 மீ அகலமும் பராமரிப்பிற்கு இலகுவான நீளமும் உடைய உயர் பாத்தி அமைத்தல்
நாற்றுமேடை கட்டுப்பாடு
மண்ணை நல்ல இழையமைப்பிற்கு மாற்றுதல் மற்றும் சேதன பொருட்களை நாற்றுமேடை பாத்திகளுக்கு இடல். விதைகளை 10 செ.மீ இடைவெளியில் வரிகளில் இடல். நாற்றுகள் முளைத்து மூன்று வாரங்களில் நிரந்தர நடுகை செய்யலாம்.
நாற்று நடுதல்
உயர் பாத்திகளில் 30 செ.மீ வரிகளுக்கிடையேயான இடைவெளியிலும் 15 செ.மீ தாவரங்களுக்கு இடையேயான இடைவெளியிலும் நடல். மேலும் சலாது அடிக்கடி கலப்பு பயிராக கரட் மற்றும் லீக்ஸ் உடன் வளர்க்கப்படுகிறது அதில் தாவரங்களுக்கு இடையில் 20 செ.மீ இடைவெளியில் நடலாம்.
நீர்ப்பாசனம் / நீர் விநியோகம்
நல்ல நீர் விநியோகம் நல்ல வளர்ச்சி மற்றும் தரமான அறுவடைக்கு தேவை. ஆகையால், நடுகை செய்து முதல் சில நாட்களுக்கு தினமும் நீர் வழங்கல், இரண்டு வார வயதிலிருந்து மழை வீழ்ச்சிக்கு அமைய ஒவ்வொரு நான்கு நாட்களும் ஒரு முறை நீர் வழங்கல்
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.