Crop guides / Niwithi

Niwithi Suitable area, soil, water and planting season

A green leafy vegetable rich in Iron. It contains oxalic acid which prevents the body from absorbing Calcium. Therefore, the calcium in the blood is not absorbed into the bones and may accumulate in the kidneys and bladder and deposited there.

Spinacia oleracea

Available Types

There are two types of spinach, erect type and vine type, depending on the growth habit. Large leafy vines are used for cultivation. There is a red spinach type that is edible. It's not so popular.

  • Large vine type with green leaves (giant spinach)
  • Red spinach

Climatic requirements/ Areas suitable for cultivation

Can be grown in any part of Sri Lanka except in low temperature regions

Soil

Spinach needs well-drained places for cultivation.

Seed requirement

10 – 15 grams of seeds is required per 10m2 bed. (10-15g / 10m2 bed)

Field preparation and planting

Weeds should be controlled and the ground should be ploughed well and the soil should be finely prepared. It is important to improve drainage by placing raised beds in areas where water logged. It is advisable to plant two seeds in one place. It takes about 5-6 days for the seeds to germinate.

Planting material

Seeds are used for planting. Although cuttings can be used for planting, the early flowering will retard the growth of the plant. Therefore cuttings are not recommended as planting materials.

Spacing

Vines – 45cm between rows 45 cm within rows
Seeds and seedlings are used for planting.

Water supply/Irrigation

Irrigate the crop well every 3-4 days. In dry weather it is advisable to irrigate the crop more often without allowing them to wither.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

යකඩ බහුල කොළ එළවලු වර්ගයකි. ඔක්සැලික් අම්ලය අඩංගු නිසා ශරීරයට කැල්සියම් අවශෝෂණය වළක්වන සුලුය. එබැවින් ලේවල අඩංගු කැල්සියම් අස්ථිවලට අවශෝෂණය නොවි වකුගඩු හා මුත්‍රාශයේ තැන්පත් වී ගල් ඇති වීමට ඉඩ තිබේ.

Spinacia oleracea

පවතින වර්ග

වර්ධන විලාශය අනුව ගස් හා වැල් වශයෙන් නිවිති ආකාර දෙකක් තිබේ. වගා කිරීමට යොදා ගන්නේ විශාල පත්‍ර සහිත වැල් වර්ගයයි. ආහාරයට ගන්නා රතු පැහැති නිවිති වර්ගයක් ද තිබේ. එය එතරම් ජනප්‍රිය නැත.

  • කොළ පැහැති පත්‍ර සහිත විශාල වැල් වර්ගය (යෝධ නිවිති)
  • රතු පැහැති වර්ගය

දේශගුණික අවශ්‍යතා/ වගා කිරීම සඳහා සුදුසු ප්‍රදේශ

ශීතාධික ප්‍රදේශවල හැර ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකිය.

පස

නිවිති වගාව සඳහා හොඳින් ජලවහනය වන ස්ථානයක් අවශ්‍ය වේ.

බීජ අවශ්‍යතාවය

වර්ග මීටර් 10 ක විශාලත්වයක් ඇති පාත්තියකට බීජ ග්‍රෑම්. 10 – 15 අවශ්‍ය වේ. (10-15g/10m2 bed)

ක්ෂේත්‍රය සකස් කිරිම සහ සිටුවිම

වල් මර්දනය කොට, බිම පෙරළා කැට පොඩි කර, පස සියුම්ව සකස් කර ගත යුතුය. ජලවහනය දුර්වල ස්ථානවල උස් වූ පාත්ති දැමීමෙන් ජලවහනය දියුණු කර ගත යුතුය. එක තැන පැළ දෙක බැගින් සිටින සේ බීජ සිටුවීම සුදුසුය. බීජ ප්‍රරෝහණය වීම සඳහා දින 5 – 6 ක් පමණ ගතවේ.

රෝපණ ද්‍රව්‍ය

සිටුවීම සඳහා බීජ භාවිතා කරනු ලැබේ. සිටුවීම සඳහා දඬු කැබලි යොදා ගත හැකි වුව ද ඒවායින් ඇති වන ශාක වල ඉක්මනින් මල් හට ගන්නා බැවින් දඬු සිටුවීම අවාසි දායක වේ.

පරතරය

පඳුරු- අස්වැන්න සඳහා පේළි අතර සෙ.මී. 15 ද පේළිය තුළ සෙ.මී. 15 ක්ද පමණ වූ පරතරයට බීජ සිටුවීම සුදුසුය. (එක තැන පැළ එකක්)
වැල් – පේළි අතර සෙ.මී. 45 ද පේළිය තුළ සෙ.මී. 45 ක් දපමණ වේ.
බීජ හා පැළ මඟින් සිටුවනු ලැබේ. (එක තැන පැළ දෙකක්)

ජල සම්පාදනය

දින 3 – 4 කට වරක් වගාවට හොඳින් ජලය සපයන්න. වියළි කාලගුණයක් ඇතිවිට ශාක මැළවීමට ඉඩ නොතබා වැඩි වාර ගණනක් ජලය සැපයීම සුදුසුය.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

இரும்பு சத்து அதிகமுள்ள ஒரு பச்சை இலை மரக்கறி. உடலை கல்சியம் அகத்துஞ்சலில் இருந்து பாதுகாக்கும் ஒட்சலிக் அமிலத்தை இது கொண்டுள்ளது. ஆகையால், இரத்தத்திலுள்ள கல்சியம் எலும்புகளுக்குள் அகத்துறிச்சப்படாது சிறுநீரகம் மற்றும் சிறு நீர்பையில் சேராது வெளியேற்றும்.

Spinacia oleracea

காணப்படும் வகைகள்

பசளையில் இரு வகைகள் உள்ளன. நேரான வகை மற்றும் கொடி வகை என வளர்ச்சி முறைக்கு அமைவாக, பெரிய இலை கொண்ட கொடி வகை செய்கைக்கு பயன்படும். உண்ணக்கூடிய சிவப்பு பசளி வகையும் உண்டு. இது பிரபல்யமானதல்ல

  • பச்சை இலையுடனான பெரிய கொடி வகை (பெரிய பசளி)
  • சிவப்பு பசளி

காலநிலைத் தேவைகள் / செய்கைக்கு பொருத்தமான பிரதேசங்கள்

இலங்கையில் தாழ் வெப்ப வலயம் தவிர்ந்த அனைத்து பகுதியிலும் வளர்க்கலாம்

மண்

பசளி செய்கைக்கு நல்ல வடிகால் நிலம் தேவை

விதை தேவை

10m2 பாத்திக்கு 10-15 கிராம் விதைகள் தேவை (10-15g/10 m2 பாத்தி)

கள தயாரித்தல் மற்றும் நடுகை

களைகள் கட்டுபடுத்தல் மற்றும் நிலம் நன்கு உழப்படுத்தல் மற்றும் மண்ணை தூர்வையாக்கல். நீர் தேங்க கூடிய பிரதேசத்தில் உயர் பாத்தியமைப்பதன் மூலம் வடிகாலமைத்தல் முக்கியமாகும். ஒரு இடத்தில் இரு விதை நடுகை செய்வது பரிந்துரைக்கப்படுகிறது. வித்து முளைக்க 5-6 நாட்கள் எடுக்கும்.

நடுகை இடைவெளி

நேரான வகை – வரிகளுக்கிடையேயான மற்றும் வரிகளுக்குள்ளான நடுகை இடைவெளி ஆனது 15 cm x 15 cm ஆகும்.
கொடி – வரிகளுக்கிடையில் 45 cm வரிகளுக்குள் 45 cm
நடுகை செய்ய விதை மற்றும் நாற்றுக்கள் பயன்படும்

நீர் வழங்கல் / நீர்பாசனம்

ஒவ்வொரு 3-4 நாட்கள் பயிருக்கு நீர்பாசனம் செய்தல். உலர் காலநிலையில் பயிர் வாடாது அதிக நீர்பாசனம் செய்ய பரிந்துரைக்கப்படுகிறது.

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey