Crop guides / Snake Gourd

Snake Gourd Suitable area, soil, water and planting season

Originated in tropical Asian countries . Found in South and Southeast Asia, including India , Bangladesh , Nepal , Pakistan , Sri Lanka , Indonesia , Malaysia , Burma and southern china. In dry zone crop is cultivated in yala season. In wet zone crop is cultivated throughout the year. This crop has some medicinal values especially in ayurwedic medicine.

Trichosanthes cucumerina L

Released Varieties

Variety details >>

  • TA-2
  • MI-Short
  • Thinnaweli

Climatic requirements/ Areas suitable for cultivation

High temperature is preferred. cultivated up to 500m elevation . successfully cultivated in Mathale, kandy, Hambanthota, Kurunegala, Rathnapura

Soil

Soil with high organic matters and good drainage is need. pH should be 5.5 -7.5

Seed requirement

4kg/ha

Nursery Management

Direct planting of seeds in the field

Land preparation

Plough the land 20-30 cm depth. 30 x 30 x 30 cm holes are prepared with recommended spacing

Planting

Add organic matters and fill the holes. Plant 2 seeds in one hole, with 2-3 cm depth seed germinate starts within 5 – 8 days

Spacing

1.5 m x 1.5 m

Water supply

Daily irrigate the crop until seed germinate

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

නිවර්තන කලාපීය ආසියානු රටවල ආරම්භ විය. ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, මැලේසියාව, බුරුමය සහ දකුණු චීනය ඇතුළු දකුණු හා අග්නිදිග ආසියාවේ දක්නට ලැබේ. වියළි කලාපයේ බෝග වගා කරනු ලබන්නේ යල කන්නයේ ය. තෙත් කලාපයේ වසර පුරා බෝග වගා කෙරේ. විශේෂයෙන් මෙම බෝගයට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ඖෂධීය වටිනාකමක් ඇත.

Trichosanthes cucumerina L

නිකුත් කරන ලද ප්‍රභේද

ප්‍රභේද පිලිබඳ >>

  • TA-2
  • MI-Short
  • තින්නවේලි

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

උණුසුම් දේශගුණික තත්ත්ව ප්‍රියකරන භෝගයකි. සෙල්සියස් අංශක 25 ට වඩා වැඩි උෂ්ණත්ව වලදී වර්ධනය වැඩි වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 500 පමණ උසක් දක්වා වූ ප්‍රදේශවල සාර්ථකව වගාකළ හැකිය.(මාතලේ, මහනුවර, හම්බන්තොට, කුරුණගල, රත්නපුර යන දිස්ත්‍රික්ක වල සාර්ථකව වගා කරයි)

පස

කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු හොඳින් ජලය බැසයන පසක් වගාව සඳහා වඩා සුදුසුය. පසෙහි තිබිය යුතු පී.එච්. අගය 5.5 – 7.5 පමණ වේ.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට – කිලෝග්‍රෑම් 4 කි.

තවාන් කළමනාකරණය

සෘජු රෝපණය බැවින් තවාන් පාලනයක් සිදු නොවේ

බිම් සැකසීම

ඉඩම හොඳින් සී සා කැට පොඩි කරගන්න. නියමිත පරතරයට සෙන්ටිමීටර් 30 x 30 x 30 ප්‍රමාණයේ වලවල් සකසා ගන්න.

පැළ සිටුවීම

දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය සහ මතුපිට පස් මිශ්‍රකර වල පුරවාගන්න. සකසාගත් වලෙහි එකිනෙකට තරමක් දුරින් බීජ 3 පමණ සෙන්ටි මීටර් 2 – 3 පමණ ගැඹුරින් සිටුවා හොඳින් ජලය සපයන්න. දින 5-8 දී බීජ ප්‍රරෝහනය වේ.

පරතරය

1.5 මීටර් x 1.5 මීටර්

ජල සම්පාදනය

බීජ ප්‍රරෝහනය වන තෙක් දිනපතාම පාහේ ජලය සපයන්න. ඉන්පසු අවශ්‍යතාවය අනුව වරින් වර ජලය සපයන්න. වැල් වටා වසුනක් යෙදීමෙන් වියළි කාලගුණික තත්ත්ව පවතින විට පස වියළී යාම අඩුකර ගත හැකිය.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

வெப்ப வலய ஆசிய நாடுகளை பிறப்பிடமாக கொண்டது. தென் மற்றும் தென் கிழக்காசியா, இந்தியா, பங்களாதேஷ், நேபாளம், பாகிஸ்தான், இலங்கை, இந்தோனேசியா, மலேசியா மியன்மார் மற்றும் தென் சீனா உட்பட்ட நாடுகளில் காண முடியும். உலர் வலயங்களில் சிறு போகத்தில் பயிர் செய்யப்படுகிறது. ஈரவலயங்களில் வருடம் முழுவதும் பயிர் செய்யப்படுகிறது. இப் பயிரில் சில மருத்துவ முக்கியத்துவம் உள்ளது குறிப்பாக ஆயுர்வேத மருந்தில் முக்கியமானது.

Trichosanthes cucumerina L

வெளியிடப்பட்ட வர்க்கங்கள்

வர்க்கங்களின் தகவல்கள் >>

  • TA-2
  • MI சோட்

காலநிலைத் தேவை / செய்கைக்கு பொருத்தமான பிரதேசங்கள்

உயர் வெப்பநிலை பொருத்தமானது, 500 மீற்றர் வரை பயிர் செய்யலாம். மாத்தளை, கண்டி, ஹம்பாந்தோட்டை, குருநாகல், இரத்தினபுரி போன்ற பிரதேசங்களில் வெற்றிகரமாக செய்கை பண்ணலாம்.

மண்

உயர் சேதன பொருட்கள் மற்றும் நல்ல வடிகாலுடனான மண் தேவை 5.5 – 7.5 வீச்சிலான பி.எச். தேவை

விதைத் தேவை

4kg/ha

நாற்றுமேடை முகாமைத்துவம்

களத்தில் நேரடியாக விதையிடலாம்

நிலத்தை தயாரித்தல்

நிலத்தை 20-30 செ.மீ ஆழம் வரை உழுதல். பரிந்துரைக்கப்பட்ட நடுகை இடைவெளியில் 30x30x30cm அளவில் குழிகளை தயார் செய்யவும்

நடுகை செய்தல்

சேதன பொருட்களை இட்டு குழியை மூடவும். ஒரு குழியில் 3 விதைகளை 2-3 cm ஆழத்தில் இடவும். 5-8 நாட்களில் முளைக்கத் தொடங்கும்.

நடுகை இடைவெளி

1.5 m x 1.5 m

நீர் வழங்கல்

விதை முளைக்கும் வரை தினமும் நீர்பாசனம் செய்தல்

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey